අපගේ අම්පාර දිස්තත්‍රික් සභාපති මෙවර රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි!

ලංකා බැංකුවේ විශාමිකයන්ගේ සංගමයේ වර්තමාන සභාපති එම්.එල්.එම් ෆාරුක් මහතා 2023 රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ දි ඔහු විසින් ලියා පලකල  “පාවේන්දල් ගීත” නැමැති ද්‍රවිඩ කාව්‍ය ග්‍රන්ථය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ඇති බව සතුටින් දන්වා සිටිමු.

වසර 36 ක බැංකු සේවාවකින් පසු 2013 වසරේ දි ලංකා බැංකුව නින්නවුර් ශාඛාවේ සේවය කරමින් සිට විශ්‍රාම දිවියට එළැඹි ෆාරුක් මහතා අපගේ වවුනියාව ශාඛාවෙන් ඇරඹු සේවා දිවිය තුල අම්පාර දිස්තික්යේ පිහිටි සියලුම සේවා ස්ථානවල පාහේ සේවය කර ඇති ජනප්‍රිය නිළධාරියෙකි.

වසර පනහකට අධික කාලයක් තිස්සේ දෙමළ පාඨක ප්‍රජාව තුල ජනප්‍රිය වී සිටින කවියෙකු වන ෆාරුක් මහතා මේ වන විට  ග්‍රන්ථ දහයකට අධික ප්‍රමාණයක් ලියා පලකර ඇත. ඒවා අතර පදම්”(1987) , “චන්දනප් පොයිකයි”(2009) , “කොන්දලිප්පු”(2010), “තෝට්ටුපායි මුත්තම්මා”(2011) , එන්ජියිරුන්ද ප්‍රාර්ථනයියෝඩු(2012) , “පාලමුණේ ෆාරූක් කුරුම්පාක්කල්” (2013) , “වැලයික්කුල් මැලර්න්ද වැනප්පු” (2017) , “පාලමුණේ ෆාරූක් නවීන කාව්‍යංගල් මූන්රු” (2020) ,  “මීලප්ප පරක්කුම් නංගනංගල්” (2020) , “පායේන්දල් ගීත” (2022) වේ.

රාජ සම්මානයට පාත්‍ර වු පාලමුනේ ෆාරුක්(එම්. එල්.එම්.ෆාරුක්) මහතාට අපගේ සුභ පැතුම් පිරිනමමු.       

Calling proposals for the AGM of Superannuation Funds