The Demise Of Mr.Nimal Hendawitharana
නිමල් හෙන්දවිතාරණ සොයුරානෙනි,

අපි එකම ගමේ වුනාට, අපි මුලින්ම හමුවුනේ හම්බන්තොට දී…… ඔබ එහි පැමිණ තිබුනේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ කලක් සේවය කළ පසුවයි.
අපි හම්බන්තොට සේවය කරද්දී ඔබගේ රස කතා නිසා ලේ පිරිසිදු කරගත් අවස්ථා බොහෝමයි. ඔබ බැංකු සේවකයෙකු වීමට පෙර කළක් භාෂා පරිවර්තකයෙක් ලෙස කටයුතු කර තිබූ නිසාම ඔබට කකුල් මාට්ටු දාන්න ආ සමහරු පහසුවෙන්ම පරාජය කළ අවස්ථා මා දැක ඇත. ඒත් ඔබ සියලු හිතවතුන් අතර සුහදත්වය ඉහළින්ම රඳවාගත් වැදගත් ලෙස ගතිපැවතුම් තිබූ මහත්මයෙකි. තවද දොස්තර මහත්වරු සහ බෙහෙත් වර්ග පිළිබඳ මනා අවබෝධයක් තිබූ බව හිතමිතුරන් අතර ප්‍රකට කරුණකි.
හම්බන්තොටින් නික්මුන ඔබ විශ්‍රාම යාමට පෙර වීරකැටිය, තංගල්ල ශාඛාවන්හි ද සේවය කර මාතර අධිශ්‍රේණි ශාඛාවෙන් විශ්‍රාම ලැබීය. මෙතරම් ඉක්මනින් මියැදෙන්නට තරම් රෝගාබාධ ඔබට නොතිබූ බව මා හොඳින්ම දැන සිටියෙමි. ඒත් යන්නට අවස්ථාව පැමිණි පසු අප කවුරුත් යා යුතුය.
ආදරණීය නිමල් අයියාට නිවන් සුව පතමි.
අවසන් කටයුතු සඳුදා (8 දා) සවස 6.00 ට දෙවිනුවර ආදාහනාගාරයේදී සිදුකෙරේ.
